ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ප්‍රමාණය දෙගුණ කිරීම අවදානම් – පුබුදු ජයගොඩ

ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ප්‍රමාණය දෙගුණ කිරීම අවදානමක් - පුබුදු ජයගොඩ

ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ප්‍රමාණය දෙගුණ කිරීම අවදානමක් - පුබුදු ජයගොඩ

කුඩා දරුවන්, ගැබිණි සහ කිරිදෙන මව්වරු පෝෂ්‍යදායක ආහාරයක් ලෙස ආහාරයට ගන්නා ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවත් ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය.

එම කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩ ඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5ක ප්‍රමාණය 10ක් දක්වා ඉහළ දමන බවද ඒ මහතා කීය.

එම ජනතා ද්‍රෝහී කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත බව කී ජයගොඩ මහතා එමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බවද සඳහන් කළේය.

‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි වියයහැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවත් පොල්තෙල් සහ දියරකිරිවල ‘ඇෆ්ලටොක්සින්’ නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම ගැන විශාල ආන්දෝලනයක් මීට පෙර රටතුළ ඇති බවත් ඒ මහතා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *