2024 සිට VAT බදු සඳහා ලියාපදිංචි විය යුතු සීමාව මිලියන 80 සිට 60 ට අඩු කරයි.

VAT බදු අයකරන්නේ නම් VAT ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි
එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි විය යුතු සීමාව රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එය 2024 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වනු ඇත.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධනය කර ඇති එකතු කළ අගය මත බදු පනත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබුණි.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා ඔක්තෝබර් මස 30 වනදා පවතී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් (11) සම්මත විය. ඒ එම පනතට පක්ෂව ඡන්ද 100ක් සහ විපක්ෂව ඡන්ද 55ක් ලැබීමෙනි.