ආපදා සහන සලසන බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට

0
ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1996 දී එවකට සමාජ සේවා සහ සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ සහන කටයුතු, පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබී ඇති අතර එය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ලෙස නම්කර රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ දක්වා ක්‍රියාත්මකව පවතී.

එම මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටුකර ගත හැකිවන පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් වෙත අවශ්‍ය බලතල පැවරීම පිණිස ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com