1990 සුව සැරිය ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනීමෙන් නව සේවාවන් රැසක්

1990 සුව සැරිය ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනීමෙන් නව සේවාවන්

1990 සුව සැරිය ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනීමෙන් නව සේවාවන්

1990 සුව සැරිය පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) පසුගියදා (12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ වුණා.

එලෙස ආරම්භ කරන ලද නව සේවාවෙන් රෝහලක් සදහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගී පුද්ගලයෙකුට තමන් රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුළ දී එම රෝගියාගේ තත්ත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිත කර රෝග නිශ්චය කිරීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමග ඍජුව සම්බන්ධවීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සදහා යොමු කිරීමත් මෙම සේවාවෙන් සිදු කරන ප්‍රමුඛ කාර්යයයන්.

ඉන්දීය රජයෙන් ලද ප්‍රදානයන් වශයෙන් 2016 වර්ෂයේ දී මෙම 1990 සුව සැරිය නොමිලේ ගිලන් රථ සේවාව ආරම්භ කරනු ලැබුවා.

සතියේ දින හතම පැය 24 පුරාම සේවය සපයන මෙම ගිලන් රථ සේවාවේ 1400 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර ප්‍රවාහන පහසුකම් සදහා ගිලන් රථ 322 භාවිතා කරන බවයි පැවසෙන්නේ.

සුව සැරිය ගිලන් රථ සේවාවට දෛනිකව දුරකථන ඇමතුම් 5300 කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 2500 km අධික ප්‍රමාණයක් මෙම ගිලන් රථ සේවාව මගින් ආවරණය කරනු ලබනවා.

(12) ආරම්භ කරන ලද මෙම ගිලන් රථ සේවාව කොළඹ, යාපනය දිස්ත්‍රික්කවල පලමු අදියර යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාද මෙම පහසුකම ලබා දීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *