ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදි ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී (07) පැවසීය.

එම ආයෝජකයන් කැඳවීමේ කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ගුවන් නියමු තනතුරු සඳහා දෙසීය දෙනකු අයදුම්පත් යොමු කර ඇතැයිද නිමල් සිරිපාල සිල්වා මහතා කීවේය.

ආයෝජකයකු ආව පමණින් බෙල්ල මිරිකා සල්ලි ගත නොහැකි බවත් ඔහු මෙහෙයවිය යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයට බවත් ඔහු පැවසීය.

ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළ යුතු වන බවද අමාත්‍යවරයා කිවේය.

ගාලු වරාය ත්‍රිකුණාමල වරාය ලාභ ලබන තත්වයට ගෙන ආ බව පැවසූ අමාත්‍යවරයා වරායන් ගුවන්තොටුපළවල් රජයේ පාලනයෙන් මිදිය යුතු බවද ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *