යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුට මාස 6ක සිර දඬුවමක්

යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුට මාස 6ක සිර දඬුවමක්

යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුට මාස 6ක සිර දඬුවමක්

ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුට අමෙරිකානු අධිකරණයක් විසින් මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ.

මෙලෙස සිර දඬුවම් නියමව ඇත්තේ Trevor Jacob නමැති යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුට.

ඔහුගේ යූ ටියුබ් චැනලයේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී පළකළ වීඩියෝවකට අදාළව මෙලෙස අධිකරණය ඔහුට දඬුවම් නියම කර තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ Trevor Jacob ගමන් කරමින් සිටින සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙනා අන්දමයි.
ඔහු එම වීඩියෝවේ සඳහන් කරන්නේ එය අනතුරක් බවය. සැහැල්ලු යානය කඩාවැටීමට පෙර Trevor Jacob ඉන් පිටවන අතර එහිදී ඔහු සෙල්ෆි කැමරාව ක්‍රියාත්මක කර එම සිදුවීම පටිගත කර තිබුණි.

සමාජ මාධ්‍ය හරහා එම සිදුවීම අතිශය කතාබහට ලක්වීමත් එරට බලධාරීන් විසින් එම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙය සිතාමතා සැලසුම් කරන ලද අනතුරක් බවය.

ඒ අනුව අධිකරණය විසින් ඔහුට මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *