කුවේටයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 35ක් මෙරටට

0
කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර (29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් 02කු විය.

මොවුන් අතරින් එරට හාම්පුතුන් විසින් එරට වාසය කිරීමට අවශ්‍ය ඔවුන්ගේ වීසා බලපත්‍ර කාළය දීර්ඝ කර නොදී සිටි පිරිසක් සහ තවත් පිරිසකගේ ගමන් බලපත්‍ර හාම්පුතුන් විසින් ඔවුන්ට ආපසු ලබා නොදුන් පිරිසක්ද වූහ.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම පිරිස නිශ්කාශනය කර ගැනීමට පියවර ගෙන තිබුණි.

එසේම ඇතැම් සේවිකාවන්ට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා තිබූ අතර, තවත් පිරිසකට ඔවුන්ගේ හාම්පුතුන් විසින් ව්‍යාජ නඩු පවරා තිබූනා, ඒ සියලු නඩු කටයුතු සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය නීතීඥ සහාය ලබා දී, එම නඩු සමථයකට පත් කර ගැනීමටද පියවර ගෙන තිබුණි.

එමෙන්ම තවත් ඇතැම් සේවිකාවන්ට හිමි සිය අවසන් ප්‍රතිලාභ සහ හිග වැටුප් ලබා ගැනීමටද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com