නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

පෘථිවියේ විශාලතම සත්ත්වයා ලෙස හඳුන්වන නිල් තල්මසුන් දශක ගණනාවකට පසු ඉන්දියානු සාගරයෙන් නැවත දකින්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Seychelles හි පර්යේෂකයන් සහ චිත්‍රපට නිෂ්පාදකයින් 2020 සහ 2021 දී තල්මසුන්ගේ දර්ශන ලබාගෙන ඇති අතර එය Imax චිත්‍රපටයක් වන Return of the Giants චිත්‍රපටියෙහිද දැක්වෙනවා.

ඒ අනුව මේ වසර පුරා සිදු කරන ලද දිය යට ශ්‍රව්‍ය පටිගත කිරීමකින් හෙළි වී ඇත්තේ නිල් තල්මසුන් ඉන්දියන් සාගර කලාපයේ මාස ගණනක් ගත කරන බවයි.

මාස ගණනක් තිස්සේ නිල් තල්මසුන් එම කලාපය තුළ සිටීමෙන් ඔවුන් එහි පැටව් දමා බෝවිය හැකි බව විද්‍යාඥයින් පවසනවා.

1960 ගණන්වල සෝවියට් බල ඇණිය මගින් මහා පරිමාණයෙන් නිල් තල්මසුන් විනාශ කිරීමෙන් පසුව නැවතත් ඔවුන්ව මෙම සාගර කලාපයෙන් හමුවීම, සංරක්‍ෂණයේ ජයග්‍රහණයක් ලෙසයි මෙහෙයුමට සම්බන්ධ පර්යේෂකයන් විස්තර කරන්නේ.

නිල් තල්මසුන් සංඛ්‍යාව තවමත් ඔවුන් සිටි ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් වන අතර සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස නිල් තල්මසුන්ව ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *