අම්බුළුවාවේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක්

0
අම්බුළුවාව ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

අම්බුළුවාව ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි විගණන වාර්තාවකින් තහවුරු වී තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2009 අංක 14 දරණ අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව පනත යටතේ මෙම මධ්‍යස්ථානය පාර්ලිමේන්තුවේ සම්මත වී ඇතැයි විජේසිරි මහතා කීය.

2021 විගණන වාර්තාවෙන් අදාල මූල්‍ය වංචාව ගැන තහවුරු වී ඇතැයි කී විජේසිරි මහතා ඇතුලත් වීමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මෙන්ම විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන දෙකක් මිලියන 7.5 කට විකිණීම මෙන්ම ගෙවීම් අනුමත නොකළ වවුචර් 52ක ලක්ෂ 55ක් ආගිය අතක් නැතැයි ද සඳහන් කළේය.

බෞද්ධ මධ්‍යස්ථානය නමින් තමන්ගේ දේශපාලන කටයුතු කරනවා මේවා කියන්නේ කාටදැයි චමින්ද විජේසිරි මහතා එහිදී ප්‍රශ්න කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com