අලුතින් බදු ගෙවන්නන් 198,253ක්

සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

සුපිරි ධනවතුන් 100ක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක්

මෙම වසරේ අලුතින් බදු ගෙවන්නන් එක් ලක්ෂ 98,253ක් ලියාපදිංචි වී ඇති බවට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව මේ වන විට සිටින වයස අවුරුදු 18ට වැඩි බදු ගෙවන්නන් සංඛ්‍යාව, මිලියන 16කි.

එකතු කළ අගය මත බදු ගෙවීමට සමාගම් 13,000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත.

ඉන් විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හරින බැවින් බදු අයකර ගැනීම ක්‍රමවත් කිරීමට, RAMIS ආදායම් කළමනාකරණ පද්ධතිය භාවිතා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළේය.

එහෙත් එම පද්ධතියේ තවදුරටත් ගැටළු පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේ දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට බදු ආදායම 65%කින් ඉහළ ගොස් ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *