VAT බද්ද පිළිබඳව ක්‍රමවේදයක් සකසන්නැයි කෝපා කමිටුවෙන් උපදෙස්

VAT බද්ද පිළිබඳව ක්‍රමවේදයක් සකසන්නැයි කෝපා කමිටුවෙන් උපදෙස්

VAT බද්ද පිළිබඳව ක්‍රමවේදයක් සකසන්නැයි කෝපා කමිටුවෙන් උපදෙස්

ජනතාව ගෙවනු ලබන VAT බද්ද රජයට නිසියාකාරව ලැබෙනවා ද ? යන්න තහවුරු කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

කෝපා කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කළ ප්‍රශ්න කිරීමේ දී මේ බව සඳහන් කර ඇත.

වර්තමානය වනවිට VAT බද්ද සඳහා ආයතන 13,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මඟින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බව ඊට පිළිතුරු ලබාදෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී පැවසුහ.

ජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019, 2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීක්ෂාව සඳහා කෝපා කමිටුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 15 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.

මෙහිදී ගනු ලැබූ තීරණ කිහිපයක් පහතින් දැක්වේ.

•RAMIS පරිගණක පද්ධතිය තවමත් භාරගත නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට දැනුම් දී තිබේ.

•RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වීමට වහාම තමන්ගේ පරිගණක පද්ධතියේ අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන ලෙස කෝපා කමිටුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

•2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් 198,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *