ඊශ්‍රායල හමුදා සැපයුම් නෞකාව විරෝධතාකරුවන් විසින් වරායෙන් පිටත් කිරීම ප්‍රමාද කරයි

පසුගිය සිකුරාදා ඔක්ලන්ඩ් වරායෙන් පිටත්විමට තිබු එක්සත් ජනපද හමුදා සැපයුම් නෞකාවක්, ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයේ සටන් විරාමයක් ඉල්ලා සිටින විරෝධතාකරුවන් ඔවුන් විසින්ම යාත්‍රාව පැය ගණනාවක් අවහිර කර ගෙන සිට ඇත.

ඒ වගේම විරෝධතාකරුවන් විසින් කේප් ඔර්ලන්ඩෝ බහාලුම් ප්‍රවාහන නෞකාව නැංගුරම් ලා ඇති බර්ත් 20 වෙත් පිවිසිමද අවහිර කරන ලදි. විරෝධතාකරුවන් පවසන්නේ නෞකාව ටකෝමා, වොෂින්ටන් වලින් ආයුධ හා හමුදා උපකරණ පටවාගෙන ඊශ්‍රායලය බලා පිටත්ව යන බවයි.

මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබුවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි අරාබි සම්පත් සංවිධාන මධ්‍යස්ථානය විසිනි.පොලිසිය විරෝධතාව පැවැති ස්ථානයේ සිට ඇති අතර විරෝධතාවය සඳහා 200ක් පමන පුද්ගලයින් සහභාගි වි ඇත.බොහෝ දෙනෙක් පලස්තීන ධජය අතැතිව සිට අතර තවත් අය එක්සත් ජනපද හමුදා ආධාර නතර කරන ලෙස ඉල්ලා බල කරන පුවරු අතැතිව සිට ඇත.

උපුටා ගැනිම – CBS News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *