ඊශ්‍රායල – පලස්තීන ගැටුමෙන් ගාසා තීරයේ ළමුන් ලක්ෂ 7ක් අවතැන්.. – යුනිසෙෆ් සංවිධානය

ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන් වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමෙන්ම මෙම දරුවන්ට අවශ්‍ය සහන සැපයීමට සහ ගාසා තීරයේ රඳවාගෙන සිටින ළමා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවට එම සංවිධානය පවසයි.

ඔක්තෝබර් 7 වැනි දා ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ මියගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,240ක් වන අතර, ඒ අතුරින් 4,630ක් දරුවන්ය.

රෝහල්වල විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක සහ නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් වැඩි පිරිසක් මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

මෙවන් පසුබිමක ඊයේ දින තුර්කිය, ඊජිප්තුවේ රෆා පිවිසුම ආසන්නයේ තාවකාලික රෝහල් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝහල් 8ක් සඳහා අවශ්‍ය උපකරණ විදුලය ජනන යන්ත්‍ර සහ ගිලන් රථ රැගත් නෞකාවක් ඊයේ ඊජිප්තුවට ළඟා වූ බවය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *