බ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක්

බ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක්

බ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක්

බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයින්ගේ සංසදය විසින් සංවිධාන කරන ලද හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව සම්මාන දිනා ගෙන ඇත.

ඒ Pekoe Trail නැමති ඇවිදීමේ මාර්ගයටය. අදාල සම්මානය (05) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත පිරිනමනු ලැබීය. සංචාරක ලේඛකයන්ගේ බ්‍රිතාන්‍ය සංසදය විසින් අවසන් මහා තරගයට නම් කරන ලද රටවල් පහ අතරින් ශ්‍රී ලංකාවේ Pekoe Trail ජයග්‍රහණය කිරීමට සමත් විය.

Pekoe trail යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300ක කඳු නැගීමේ මාර්ගයකි.එය ආසියාවේ හොදම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. Peko Trail මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ.

මෙම මාර්ග බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම මාර්ගවලින් සමහරක් තේ වතු සහ වනාන්තර හරහා කෙටිමං ලෙස භාවිතා කරන දෘශ්‍යමාන අඩිපාරවලින් යුක්ත වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *