මහ කන්නයේ පොහොර සහන දීමනාවට රු. කෝටි 100ක්

මහ කන්නයේ පොහොර සහන දීමනාවට රු. කෝටි 100ක්

මහ කන්නයේ පොහොර සහන දීමනාවට රු. කෝටි 100ක්

ඉදිරි මහ කන්නයේ ගොවීන් වෙත හිමි වන පොහොර සහන දීමනාව දීම සඳහා පළමු වාරිකය වශයෙන් රුපියල් කෝටි 100ක මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් (02) කෘෂිකර්ම අමාත්‍යාංශයට දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් මේ මුදල දී ඇති අතර, එම පොහොර සහන දීමනාව සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රු. කෝටි 1,200කි. ඒ අනුව, හෙක්ටයාරයකට රු. 15,000ක් සහ හෙක්ටයාර 2කට රු. 30,000 බැගින් මුදල් ප්‍රතිපාදන වි ගිණුම්වලට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැති අමරවීර මහතා කියයි.

මේ මුදල් යොදාගෙන ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කාබනික පොහොර හෝ රසායනික පොහොර පෞද්ගලික අංශයෙන් හෝ රාජ්‍ය අංශයෙන් මිල දී ගැනීමට හැකියාව පවතින බවද ඇමැති අමරවීර මහතා අවධාරණය කරයි. රාජ්‍ය අංශයෙන් සපයන පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මේ වන විටත් යොමු කර ඇත.

ඒ අනුව, දැනට කුඹුරු වගා කර ඇති ගොවීන්ට, තමන් වගාවන් සිදු කළ බව තහවුරු කිරීමෙන් අනතුරුව කඩිනමින් අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට තමා උපදෙස් දුන් බවද ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *