වාර්ෂි­කව පිය­යුරු පිළිකා ආසා­දි­තයෝ 4,000ක්

වාර්ෂි­කව පිය­යුරු පිළිකා ආසා­දි­තයෝ 4,000ක්

වාර්ෂි­කව පිය­යුරු පිළිකා ආසා­දි­තයෝ 4,000ක්

පියයුරු පිළිකා නව ආසාදිතයන් 4,000ක් වාර්ෂිකව හඳුනා ගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුරාද් ජෝශප් මහතා පැවසීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව (03) මේ බව පැවසුවේය.

පියයුරු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ට්‍රස්ටුසුමාබ් ඖෂධය ඇතුළු සෙසු ඖෂධ පසුගිය මාස 6 පුරා අවශ්‍ය තරම් රෝහල් සතුව පැවති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ පිළිකා රෝගය කලින් හඳුනාගැනීමෙන් සුවපත් කළ හැකි බවත් කලින් හඳුනා ගැනීම නිසා සම්පූර්ණයෙන්ම පියයුරු ඉවත් කිරීමෙන් වැළකී සිටිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පියයුරු පිළිකා රෝගය මුල් අවස්ථාවේ හඳුනාගන්නා රෝගීන්ගෙන් 90%ක් පමණ සුවපත් වන බවත් රට පුරා පිහිටා ඇති සුවනාරී සායනවලට සහභාගි වී මෙම රෝගය කලින් හඳුනාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කාන්තාවකගේ වයස අවුරුදු 20 ඉක්මවූ විට ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරගැනීම අඅවශ්‍ය යැයිද, වයස අවුරුදු 40 ඉක්මවූ විට මැමොග්‍රැෆි පරීක්ෂාවට යොමු වීම අනිවාර්ය යැයිද වෛද්‍යවරයා අවධාරණය කළේය. පියයුරු පරීක්ෂාවට ලක් කිරීමේදී ගැටිත්තක් තිබීම, හැඩයේ අසාමාන්‍ය වෙනසක් පැවතීම, තන පුඩුවෙන් අවර්ණ වූ ශ්‍රාවයන් ගැලීම යනාදිය රෝග ලක්ෂණ යැයිද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *