රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමෙන් ඉවත් වෙයි

රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමෙන් ඉවත් වෙයි

රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමෙන් ඉවත් වෙයි

න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම සඳහා පළ කළ අනුමැතිය අවලංගු කිරීමේ නියෝගයකට රුසියාව අත්සන් තබයි. එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා (02) එම නියෝගයට අත්සන් තැබූ බව නිල ලේඛනයක දැක්වේ.

රුසියාව ගිවිසුමෙන් ඉවත් වුවද න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන බවක් ඉන් අදහස් නොවන බව ක්‍රෙම්ලිනය මීට පෙර ප්‍රකාශ කර තිබිණ.

එරට Duma සභාවේ සභාපති Vyacheslav Volodin මහතා පැවසුවේ, වොෂින්ටනය ගිවිසුම අනුමත කරන තෙක් වසර 23ක් තිස්සේ බලා සිටි නමුත්, ගෝලීය ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව සිය වගකීම් විරහිතභාවය පෙන්නුම් කර ඇති බවයි.

න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම, සාමකාමී හෝ මිලිටරි අරමුණු සඳහා සිදුකරන සියලුම න්‍යෂ්ටික පිපිරුම් පරීක්ෂණ තහනම් කිරීම පිළිබඳ බහුපාර්ශ්වික එකඟතාවකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *