බැංකු ගිණුම් විවෘත නොකිරීමෙන් 156,261 දෙනෙකුටම අස්වැසුම ගෙවීම් සිදු කිරීමට නොහැකි වෙලා

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොර ප්‍රතිලාභ හිමිකර ගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට රජය දැනුම් දෙනවා.

මාස හයක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරිමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරිමේ අවස්ථාවද සලසා දීමටයි පියවර ගෙන ඇත්තේ.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සුදුසුකම් ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුලත් එහෙත් මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීමට බැංකු ගිණුම් විවෘත නොකළ ප්‍රතිලාභීන්ට කඩනමින් ගිණුම් විවෘත කර ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස රජය දැනුම් දෙනවා.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීමෙන් ප්‍රතිලාභීන් එක්ලක්ෂ පනස් හයදහස් දෙසිහැට එක්දෙනෙකුට ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙනවා.

පසුගිය ජූලි මාසය වන විට අදාළ ප්‍රතිලාභ පියවර පහක් යටතේ පවුල් දොලොස් ලක්ෂ තිස්දහස් අනූහතක් දක්වා ලබාදී තිබෙනවා.

ගෙවා ඇති මුදල රුපියල් හැත්තෑහත්කෝටි පනස්තුන්ලක්ෂ දෙදහස් දෙසියපනහක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *