දුම්රිය සීනු සහ විදුලි පද්ධති 50% අක්‍රියවීමෙන් රු. කෝටි 50ක නාස්තියක්

දුම්රිය සීනු සහ විදුලි පද්ධති 50% අක්‍රියවීමෙන් රු. කෝටි 50ක නාස්තියක්

දුම්රිය සීනු සහ විදුලි පද්ධති 50% අක්‍රියවීමෙන් රු. කෝටි 50ක නාස්තියක්

දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති සීනු සහ විදුලි පද්ධතිවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් අක්‍රියවීම හේතුවෙන් මේ සඳහා වැය කර ඇති රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම අක්‍රිය සීනු හා විදුලි පද්ධති හේතුවෙන් දුම්රිය හරස් මාර්ග වල ගමන් කළ පුද්ගලයන් සහ රථවාහන අනතුරු රාශියක් පසුගිය වර්ෂයේදී වාර්තා වී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

දුම්රිය හරස් මාර්ග භාවිත කරන අයගේ ජීවිත හා දේපළවලට දැඩි අනාරක්ෂිත තත්වයක් ඇතිවී තිබුණද ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ඉටුකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට කොන්ත්‍රාත් මුදලින් සියයට 95ක් එනම් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවීම් කර ඇතත් සවිකර වසරක් ගත වීමටත් ප්‍රථම පහළ මාර්ගයේ සීනු හා විදුලි පද්ධති 142න් 60ක්ද පුත්තලම මාර්ගයේ සීනු හා විදුලි පද්ධති හතළිස් හයෙන් 34ක්ද වශයෙන් සමස්ත සීනු හා විදුලි පද්ධති 94ක් ක්‍රියා විරහිතව පැවතුණ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසන්නේ අවසාන පද්ධතිය 10 සඳහා කිසිදු මුදලක් ගෙවීම් කර නැති බවයි.

ඉහත දෝෂ සහිත පද්ධති 94ට ගංවතුරින් හා හදිසි අනතුරු වලින්විනාශවූ පද්ධති විස්සක්ද ඇතුළත් බව එම ප්‍රධානීහු පෙන්වා දෙති.

විදුලි උපාංග ඇනවුම් කර ඇති හෙයින් ඒවා ලැබුණු පසු පද්ධති නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ඔවුහු සඳහන් කරති.

අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු ඉටු නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගත යුතු බව විගණන කාර්යාලය දුම්රිය බලධාරීන්ට නිර්දේශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *