හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

රාජ්‍ය හෙද සේවයේ විධායක පළමු අධි ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.

මෙම තීරණයෙන් පසුව වයස අවුරුදු 60දී විශ්‍රාම ගන්වා ඇති ඉහත ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට අනුයුක්ත කරන ලෙසට නියෝග කරමින් රිට් ආඥාව නිකුත් කෙරින.

මෙම තීරණයට අදාළ අමාත්‍ය අමාත්‍ය මණ්ඩල තීරණ තහනම් කරමින් තහනම් නියෝගයක්ද නිකුත් කළේය. අභියාචනාධිකරණය මෙසේ තීන්දු කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එම්.ඒ.ආර් මරික්කාර් මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු අනුව රටෙහි අතිවිශාල හෙද නිලධාරීන් හිඟයක් ඇත.පසුගිය සය මාසයට පමණක් හෙද නිලධාරීන් 1000ක පුරප්පාඩුවක් ඇති වී තිබේ.මෙම පුරප්පාඩු ඇති වී ඇත්තේ විදේශ ගතවීම සහ විශ්‍රාම යෑම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ රජයේ රෝහල්වල බරපතල අර්බුදයක් උද්ගත වී ඇත.මෙම තත්ත්වය තුළ රාජ්‍ය සෞඛ්‍ය සේවය බිඳ වැටීමට ලක්වීමට හැක.අලුත් පිරිසක් හෝ පුහුණු නිලධාරීන් පැමිණියද පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ හිඟය පිරවිය නොහැක.වග උත්තරකරුවන් ඊට පිළියම් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව අදාළ සහන ප්‍රදානය කරන බවද තීන්දුවේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *