සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම අත්හිටුවයි

සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම අත්හිටුවයි

සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම අත්හිටුවයි

අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කොට ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය කර ඇත්තේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුවය.

අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද එකී වාරණ නියෝගයන්ට අනුව පහත දැක්වෙන පියවර ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කොට ඇත.

i. මේ දක්වා නිකුත් කොට ඇති සියළු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
ii. මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම.
iii. මෙම මෘදු මත්පැන් අවසරයට අඳාල අංක 05/2022 දරණ සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම.

අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වේ.

මෙම අභියාචනාධිකරණ නඩුකරය 2023. 11. 13 දින නැවත කැඳවීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *