ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57%ක් දක්වා ඉහළට – නවතම සමීක්ෂණයකින් හෙළි වේ

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57%ක් දක්වා ඉහළට - නවතම සමීක්ෂණයකින් හෙළි වේ

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57%ක් දක්වා ඉහළට - නවතම සමීක්ෂණයකින් හෙළි වේ

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57%ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඊට අදාළ වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම (17) පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නාගරීකරණය යනු යම් රටක සංවර්ධනය පිළිඹිබු කරන ප්‍රධාන සාධකයකි. එසේම නාගරීකරණය රටේ අනාගත දිශානතිය තීරණය කරනු ලබන වැදගත් සාධකයක්ද වේ. ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2%කි.

යම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලන්නේ නිර්ණායක කිහිපයක් මත පදනම්වය. ජනගහණය, ජනගහණ ඝණත්වය, කිලෝමීටර 10ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල් හා සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල් ප්‍රමාණය, ග්‍රාම නිළධාරීවසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබාදී ඇති නිවාස ප්‍රතිශතය, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක ඒ අතර වේ. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙහි අරමුණ වන්නේ මෙරට ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හදුනා ගැනීම සහ ඒ සදහා සුදුසු නිර්ණායක ක්‍රමවත්ව දැක්වීමයි. මෙම සමීක්ෂණය සදහා උපදෙස් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරිණ.

මෙම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන් සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවට හදුනාගත් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා මෙහිදී සදහන් කලේය. එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින බවද ඔහු පැවසීය.

මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිළධාරී වසම් 12,773 අතරින් ග්‍රාම නිළධාරී වසම් 3,025 ක් නාගරික ප්‍රදේශ වශයෙන් හදුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68%ක් වේ. මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74% කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76%ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. අඩුම නාගරික ජනගහන ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84%ක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *