විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන්න – PUCSL ලංවිමට දන්වයි

විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන්න - PUCSL ලංවිමට දන්වයි

විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන්න - PUCSL ලංවිමට දන්වයි

ඔක්තෝබර් මාසයේ සිට විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද උපකල්පනවල වෙනස්වීම් පවතින බැවින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබේ.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් මාසය සඳහා දිනකට ගිගා වොට් පැය 44.70ක විදුලි ඉල්ලුමක් ලැබෙනු ඇති බව තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්ව ඇති ඉල්ලුම ගිගා වොට් පැය 41.01ක් බවය.

එසේම ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බවද කොමිසම පෙන්වා දී ඇත.

එබැවින් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ උපකල්පනය කරන ලද ඉල්ලුම අවම දත්ත සමඟ සනාථ කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *