ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යට මුදා හැරී පුද්ගලයන්ට දැඩි නීතිමය ක්‍රියා මාර්ග – විභාග දෙපාර්තමේන්තුව
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය, විභාගයෙන් පසු සමාජ මාධ්‍ය වෙත මුදා හැරිය පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට එම ප්‍රශ්න පත්‍ර නිකුත් කර ඇති බවට මහනුවර හා කළුතර මධ්‍යස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට මින් හානියක් නොමැති බව පවසන ඒ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර ඇත.




