ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක්

ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණට දැනුම්දීමක්

ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණට දැනුම්දීමක්

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට ආගම්වලට අපහාස කලේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදුකළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *