කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක්

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබේ.

එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා සඳහන් කළේ, බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම යුවල වසර 6ක් පුරා දරුවන් නොමැතිවීම හේතුවෙන් ඒ සදහා ප්‍රතිකාරවලට යොමුවී ඇත. ඒ අනුව කළල 6ක් මෙම කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම සිදුකර ඇත. මෙම බිළිදුන් හය දෙනා බිහිකර ඇත්තේ හදිසි සිසේරියන් සැත්කමකින් ය.

සති 26කින් ඔවුන් පිටතට රැගෙන ඇති අතර දරුවන්ගේ බර ග්‍රෑම් 400ත් 700ත් අතර වන බවට වෛද්‍යවරුන් පවසයි.

මේ අතර බිලිඳුන් සියලු දෙනාටම කෘතිම ස්වසනය ලබාදෙන බවද පැවසු වෛද්‍ය සමන් කුමාර මහතා වැඩිදුරටත් කියාසිටියේ, ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *