මහ බැංකුව ඩොලර් පරිස්සම් කර ගනී

මහ බැංකුව යළිත් ඩොලර් මිලදී ගෙන

මහ බැංකුව යළිත් ඩොලර් මිලදී ගෙන

2023 සැප්තැම්බර් මාසය තුළදී දේශීය විනිමය වෙළෙඳපොළ තුළ කිසිදු ආකාරයක ඩොලර් අලෙවියක් සිදුනොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව වගබලා ගෙන ඇත. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 467ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබූ පසුබිමක මෙලෙස සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුව එසේ කටයුතු නොකර තිබීම විශේෂත්වයකි.

මේ අතර සැප්තැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 83ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණි.

සමස්තයක් වශයෙන් 2023 මුල් මාස 09 තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 2,380.54ක් මිලදී ගෙන ඇති අතර ඩොලර් මිලියන 825.67ක් අලෙවි කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *