සුදු සීනි දුඹුරු කරන කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලයි

සුදු සීනි දුඹුරු කරන කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලයි

සුදු සීනි දුඹුරු කරන කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලයි

සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා තිබෙනවා. ඒ දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේදී.

කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් ඇසුරුම් කර තිබූ සීනි කිලෝ 2000ක් සහ ඒ සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද (06) සවස අත්අඩංගුවට ගත් බවයි කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.

සීනිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර වෙළෙඳ පොළට බෙදාහරින බවට ලිඛිත මහජන පැමිණිල්ලක් මතයි මෙම වැටලීම සිදු කර තිබුණේ.

එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සීනි මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නා සිමෙන්ති මිශ්‍රණයක්, තාරාදියක්, ගෑස් ලිපක්, සීලරයක් ඇතුළු තවත් භාණ්ඩ එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබෙනවා.

එම ස්ථානය වටලන අවස්ථාවේ සැකකරු සීනි රැගෙන ඒම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් තිබු අතර සැකකරුගේ බිරිඳ පමණක් නිවසේ සිටි නිසා අදාල භාණ්ඩ එම නිවසේ තබා මුද්‍රා තැබූ බවයි දෙණියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.එස්.ජේ.පතිරණ මහතා ප්‍රකාශ කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *