නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට 2023. 09. 27දින සිට ක්‍රියාත්මකවන පරිදි උසස් කර තිබේ.

ඒ් අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

එමෙන්ම අපරාධ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතාද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතාද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *