තානාපති නිලධාරීන් 41 නැවත ගෙන්වා ගන්න – ඉන්දියාව කැනඩාවට දන්වයි

0
තානාපති නිලධාරීන් 41 නැවත ගෙන්වා ගන්න - ඉන්දියාව කැනඩාවට දන්වයි

තානාපති නිලධාරීන් 41 නැවත ගෙන්වා ගන්න - ඉන්දියාව කැනඩාවට දන්වයි

ඉන්දියාවට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය බලධාරීන් කැනඩාවට දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ තානාපති නිලධාරීන්ව ඔක්තෝබර් 10 වනදා වනවිට නැවත කැඳවා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි.

කැනඩාවේ ජීවත් වූ සික් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකෙන හර්දීප් සිං නජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී ඝාතනය කර තිබූ අතර ඊට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බවට කැනඩාව චෝදනා කළේය.

නමුත් ඉන්දියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

දෙරට අතර එම මත ගැටුම මේ වනවිට උත්සන්න වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම තානාපති නිලධාරීන් 41 දෙනාගෙන් යමෙක් ඔක්තෝබර් 10 වනදායින් පසුව ඉන්දියාවේ රැඳී සිටියහොත් ඔවුන්ගේ තානාපති වරප්‍රසාද අහිමි කරන බවට ඉන්දියාව අනතුරු අඟවා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com