නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය කොවිඩ් එන්නත සොයා ගත් වෛද්‍ය විශේෂඥයන්ට

නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය කොවිඩ් එන්නත සොයා ගත් විශේෂඥවරුන්ට

නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය කොවිඩ් එන්නත සොයා ගත් විශේෂඥවරුන්ට

කොවිඩ් වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා පළමු එන්නත සොයා ගත් වෛද්‍ය විශේෂඥයන් වන හංගේරියාවේ කැටලින් කරිකෝ සහ අමෙරිකාවේ ඩ්‍රිව් වීස්මන් වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම වෛද්‍ය විශේෂඥයන්ට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමීමට ජූරිය තීරණය කර ඇත්තේ ඔවුන් සොයා ගත් mRNA තාක්ෂණයෙන් යුතු ෆයිසර් සහ මොඩර්නා සන්නාම යටතේ නිෂ්පාදනය වූ එම එන්නත ලොවට දායාද කිරීමෙනි. mRNA තාක්ෂණය දැන් පිළිකා රෝගය සඳහා භාවිත කිරීමට වෛද්‍යවරු පර්යේෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ.

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී නොබෙල් ජූරි සභාව සිය තීරණය නිවේදනය කර ඇති අතර, නොබෙල් ත්‍යාග නිර්මාණය කළ විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අනුස්මරණ දිනය වන දෙසැම්බර් 10 වැනිදා ස්ටොක්හෝම් නුවර පැවැත්වෙන උත්සවයකදී එම ත්‍යාගය සමඟ සහතිකයක්, රන් පදක්කමක් සහ ඩොලර් මිලියනයක් බැගින් චෙක්පත්ද පිරිනැමීමට නියමිතය.

මෙවර නොබෙල් භෞතික විද්‍යාව සඳහා වන ත්‍යාගයේ හිමිකරු හෝ හිමිකාරිනිය (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, රසායන විද්‍යාව සඳහා වන ත්‍යාගය (04) නිවේදනය කරන බවත්, නොබෙල් සාම ත්‍යාගය ලබන 6 වැනිදා සහ ආර්ථික විද්‍යා ත්‍යාගය 9වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *