ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රු. 3000ක් දක්වා ඉහළට

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අනුව ප්‍රවේශපත්‍ර නොමැතිව හසුවන පුද්ගලයින්ට රුපියල් තුන් දහසක දඩයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවේ.

ප්‍රවේශපත්‍ර නොමැතිව බස් රථවල ගමන් ගන්නා පිරිස් නිසා මණ්ඩලයට දෛනිකව රුපියල් ලක්ෂ 70ක පමණ පාඩුවක් සිදුවීම මත මෙම තීරණය ගෙන ඇත.

මේ වන විට ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේදී අයකරන දඩ ගාස්තුව රුපියල් 250ක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *