මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක්

0
වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් සටහන් කරයි

වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (10 ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත (26) පස්වරුවේ පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් (Alex Mazkov)ය. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාද පැමිණ සිටියහ.

ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ, පසුව එරට මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත(26) පස්වරු 02.10ට පැමිණ තිබුණි.

2019 වසරෙන්, වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසීය.

මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com