අල්ලස් සිද්ධියට තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම්

අල්ලස් සිද්ධියට තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම්

අල්ලස් සිද්ධියට තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබීය

මෙසේ වැඩ තහනම් කරනු ලැබුවේ තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකුගේ සහ සුරාබදු නියාමක රියදුරකුගේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් උපදෙස්දී ඇත.

වලස්මුල්ලේ බීඩි නිෂ්පාදකයකුගේ බලපත්‍රය ඉකුත් ජුනි 26 වැනිදායින් අවසන්වීම හේතුවෙන් ඉකුත් 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් නිෂ්පාදකයාට නඩු පවරන බව පවසා ඇතැයි කියති. නඩු නොපවරා පසුව සිද්ධිය ගොඩින් විසඳා දීමට රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයන් ඉල්ලා තිබූ බවත් බීඩි ව්‍යාපාරිකයා ඊට විරෝධය පළ කර තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවිය.

ඉන් අනතුරුව බීඩි ව්‍යාපාරිකයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබ ගත් බව ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *