මැලගසි රෝස (Rose wood) නිසා රේගුවට කෝටි 8ක අලාහයක්….

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන් 420ක් බරැති දැව කඳන් 3669ක් විකිණීමට සැලසුම් කළද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් කාලයක් තිස්සේ ඒවා ගබඩාවල තැබීමට සිදුවීම නිසා ගබඩා ගාස්තු ලෙස රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකා රේගුවට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පදම් නොකළ මෙම දැව කඳන්වලට කෘමින්ගෙන් හානි සිදුව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

ටැන්සානියාවේ ෂැන්සිබාර් වරායේ සිට ශ්‍රී ලංකා වරාය හරහා හොංකොං වෙත ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම දැව කඳන් ගෙනවිත් තිබුණේ අප්‍රිකානු ඝන දැව ලෙස සඳහන් කරමිනැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් මෙම දැව කඳන් තොගය 2014 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 30වැනිදා දක්වා ඉවත් කර නොගෙන රේගු අංගනයක ගබඩා කර තිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 23 වැනිදා ආනයනය කරන ලද අධිබලැති විකිරණශීලී මුලද්‍රව්‍යයක් සඳහා වරාය සංවර්ධන බදු සහ එකතු කළ අගය මත බදු වශයෙන් රේගුවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් ගෙවීමට ඇතත් මේ වර්ෂයේ ජනවාරි 1වැනිදා වනවිටත් එම බදු මුදල් රේගුවට ගෙවා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *