එමිරේට්ස් හා ශ්‍රී ලංකන් අන්‍යෝන්‍ය අන්තර් සබඳතා හවුල්කාරීත්වයකට

එමිරේට්ස් හා ශ්‍රී ලංකන් අන්‍යෝන්‍ය අන්තර් සබඳතා හවුල්කාරීත්වයකට

එමිරේට්ස් හා ශ්‍රී ලංකන් අන්‍යෝන්‍ය අන්තර් සබඳතා හවුල්කාරීත්වයකට

එමිරේට්ස් හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් අන්‍යෝන්‍ය අන්තර් සබඳතා හවුල්කාරීත්වයකට අත්සන් තබා තිබෙනවා.

එමිරේට්ස් හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් දෙකෙහිම මගීන් සදහා ලබාදෙන පහසුකම් ඉහළ නැංවීම සදහායි මෙම අන්‍යෝන්‍ය අන්තර් සබඳතා ගිවිසුමට අත්සන් තැබුණේ.

නව හවුල්කාරීත්වය මගින් කොළඹ හා ඩුබායි හරහා ගුවන් සමාගම් දෙකෙහි ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශවීමටත්, තනි ගුවන් ටිකට්පතක් භාවිත කර ගමන් මලු මාරුකර ගැනීමේ පහසුකම් භුක්තිවිදීමටත් මේ මගින් හැකියාව හිමිවනවා.

එමිරේට්ස් ගුවන් මගීන්ට කොචින්, චෙන්නායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, මාලේ, බැංකොක්, ක්වාලාලාම්පූර්, සිංගප්පූරුව, ජකර්තා, ගුවැන්ෂූ, සෝල් හා ටෝකියෝ වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ගමන් කිරීමේ හැකියාව හිමිවනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට එමිරේට්ස් ගුවන් සේවය හරහා බහරේන්, මෙඩීනා, කයිරෝ, මස්කට්, නයිරෝබි, මොස්කව්, ටෙල් අවිව්, නිව්යෝර්ක්, ලොස්ඇන්ජලීස් ඇතුළු එක්සත් ජනපද නගර රැසකට ගමන් කිරීමේ හැකියාව හිමිවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *