වැලිගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහිව බොරු පතුරවන දිවයින පත්තරය – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

අද දිවයින පත්තරේ සඳහන් වූ ප්‍රවෘතියක් පහත දැක්වේ.

වැලිගම බුහාරි ජුම්මා පල්ලියේ සිදුවූ බවට කියමින් මෙම සටහන චතුර පමුණුව මහතා විසින් ලියන ලදී.
මේ සටහනේ සත්‍ය අසත්‍ය මොනවද?

ඇත්තටම මෙවන් සිදුවීමක් ඉකුත් සිකුරාදා බූහාරි පල්ලියේ සිදුවූ බව අපි කවුරුත් පිළිගත යුතුයි.
නමුත් මේ සටහනේ “වහාබ්වාදී කණ්ඩායමක් විසින් සාම්ප්‍රදායක මුස්ලිම්වරුන් පස්දෙනෙකුට….” ලෙසින් සඳහන් වේ.
ඉස්ලාම් ආගමික ඉගැන්වීම්වලට අනුව සාම්ප්‍රදායක හා වහාබ්වාදී යනුවෙන් බෙදීම වැරදි ආකල්පයක් නමුත් ලංකාවේ සමහර උදවිය තමන්ගේ පටු දේශපාලනික හා සමාජීය අරමුණු ඉටුකරගැනීමට මේ වචන දෙක භාවිතා කරයි.
ඇත්තටම සිදුවුණේ කුමක්ද?
ජුම්මා දේශනාව යනු සෑම සිකුරාදා දිනකම මුස්ලිම් පල්ලිවල සිදුකරන අනිවාර්ය දේශනාවක්. මෙම දේශනාවේදී සමාජ ජීවිතයට හා මරණින් පසු ජීවිතයට අවශ්‍ය දේශනා පවත්වනු ලබයි.
මේ සිකුරාදා දිනයේ එම පල්ලියේ දේශනාව ට සහභාගී වූ තැනැත්තා ඒ බුහාරි පල්ලියේ අයිතිය ග්‍රාමීය ජනතාවට නොව තමන්ගේ සංවිධානය ට අයත් දෙයක් බව සඳහන් කරමින් දේශනාව පවත්වා තිබේ. ජනතාව එක් රොස් වන මේ ජුම්මා දිනයේ විශේෂ දැනුම් දීම් පල්ලිවල සිදුකිරීමේ පුරුද්දක් තිබෙන අතරතුරේ ආගමික රැස්වීමක් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකිරීමට සුපුරුදු පරිදි කෙනෙක් ඉදිරිපත් වූ විට දේශනාව පවත්වන්නට ආපු ඒ තැනැත්තා (තමන්ගේ සංවිධානය අයත් නොවන රැස්වීමක් සම්බන්ධයෙන් දැනුම්දීම තිබෙන බැවින්) එයට විරුද්ධ පල කර තිබේ. මෙයට ගම්වාසීන් විරුද්ධ වූ විට එතැන මෙම ගැටුම හටගෙන තිබේ.
එම නිසා මෙම ගැටුම ගම්වාසීන් හා ඒ අයට විරුද්ධව ඒ අයගේ පල්ලියේ දීම කටයුතු කරපු ඒ දේශකවරයාගේ පිරිසත් අතර සිදු වූ දෙයක් බවට වටහා ගත යුතුයි.
එහෙමනම් වහාබ්වාදීන් මෙතනට සම්බන්ධ උනේ නැද්ද?
වහාබ්වාදය, සාම්ප්‍රදායික කියා චින්තන ඉස්ලාම් ආගමේ නොමැති වූවත්, ලංකාවේ ශුද්ධවූ අල් කුරාන් හා නබිතුමාගේ මගපෙන්වීම්වලට පමණක් තමන්ගේ ආගමික කටයුතු සීමා කරගත් අය වාහාබ්වාදීන් ලෙසත්, ආගමික ඉගැන්වීම්වලට බාහිරව සොහොන් කොත් වන්දනා වැනි අන් ආගමික සංස්කෘතික තමන් සතු කරගත් අය සාම්ප්‍රදායක මුස්ලිම්වරුන් විදිහටත් හැඳින්වේ.
මේ වැලිගම නගරයේ කුරාන්, හදීස් ආකාරයෙන් වැඩකරන අය මේ පල්ලියට ජුම්මා දේශනාවට යන අය නොවේ. එම නිසා මෙතන සිදුවී තිබෙන්නේ සාම්ප්‍රදායක මුස්ලිම්වරුන් අතරම (එම වචනයට හිමිකම් කියන අය ලෙස එකිනෙකා ගැටුම් ඇතිකර ගන්නා බව අපි කවුරුත් දනිමු) ආන්දෝලනාත්මක තත්ත්වයක් පමණයි. නමුත් තමන්ගේ චින්තනයට විරුද්ධ වන අයව වහාබ්වාදීන් ලෙස නම් කරන පුරුද්දක් (සාම්ප්‍රදායක මුස්ලිම්වරුන් යනු සූෆි චින්තනයට යටත් අය පමණක් බව සිතමින් සූෆි පාර්ශවය අන් අයට වහාබ්වාදීන් ලෙස ඇඟිලි දික් කිරීම අපි කවුරුත් දන්නා කරුණකි) තියෙන උදවියක් මේ සටහන මෙසේ ලියවෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියා මා සිතමි.
A.C.M.Shakir (Abbasi)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *