අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

0
අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි

අත්‍යාවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමාන්‍ය ජන ජිවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන මෙම සේවාවන් නිසා ජන ජිවිතයට අවහිරයක් හෝ බාධාවක් වියහැකි බව සැළකිල්ලට ගනිමිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තු කිරීම පිළිගැනීම, රැකවරණය, පෝෂණ කිරිම හා ප්‍රතිකාර කිරිම සම්බන්ධව සියලු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියගේ අත්සනින් යුතුවයි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com