ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් – ලංකා කතෝලික සභාව

පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව ලංකා කතෝලික සභාව ප්‍රකාශ කරයි.

එය ජනතාවගේ මුදල් තවත් වරක් නාස්ති කිරීම මෙන්ම ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබූ වින්දිතයන්ට කරන අවමානයක් යැයිද ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා පවසයි.

ජාත්‍යාන්තර නිරීක්ෂණයක සහ අධීක්ෂණයකට යටත්ව ස්වාධීව කොමිසමක් මගින් මෙම විමර්ශන කටයුතු සිදු කළ යුතුයැයිද ඔහු කීය.

ඒ සඳහා මෙතෙක් විමර්ශන කටයුතු කළ දැනට තැන් තැන්වලට ස්ථානමාරු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනා ඒ සඳහා තවදුරටත් යොදා ඔවුන් නැවත් වූ තැන සිට ඉදිරියට පරික්ෂණ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතු බවද පියතුමෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *