පැසිෆික් සාගර පත්ලෙන් මතු වූ අද්භූත රන් බිත්තරය

පැසිෆික් සාගර පත්ලෙන් මතු වූ අද්භූත රන් බිත්තරය

පැසිෆික් සාගර පත්ලෙන් මතු වූ අද්භූත රන් බිත්තරය

ඇලැස්කාවේ වෙරළට ආසන්න පැසිෆික් සාගරයේ සිදුකළ සමීක්ෂණයක නිරතව සිටි පර්යේෂණ කණ්ඩායමකට රත්‍රං වර්ණයෙන් යුත් බිත්තරයක් වැනි වස්තුවක් හමු වී තිබේ.

“Seascape Alaska 5 expedition” නම් පර්යේෂණ මෙහෙයුමේ නියත ගවේෂණ විද්‍යාඥ කණ්ඩායම විසින් මියගිය ගිනිකන්දක් සම්බන්ධයෙන් ඇලැස්කාවට ආසන්න මුහුදේ සිදුකරමින් සිටි පර්යේෂණ අතරවාරයේ පසුගිය අගෝස්තු 30 වනදා මෙම අත්භූත වස්තුව හොයාගෙන ඇති බව වාර්තා වේ.

රත්‍රං වර්ණයෙන් යුත් බිත්තරයක් වැනි මෙම වස්තුවේ විෂ්කම්භය 10cmක් නැතිනම් අඟල් 4ක් පමණ වන බවත් එහි යටට වන්නට කුඩා සිදුරක් පවතින බවත් සඳහන් වේ.

මෙය පළමුවෙන්ම දුට විට ඔවුන් සිතා ඇත්තේ මෙය මියගිය කොරල්පරයක කොටසක් විය හැකි බවය.

“මනඃකල්පිත සුරංගනා කතාවල” තිබෙන අත්භූත වස්තූන්වල තිබෙන ලක්ෂණ මෙම වස්තුවේ ද තිබෙන බව එම පර්යේෂණ කණ්ඩායම විසින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් පවසන්නේ මෙම බිත්තරයක් හැඩැති රත්‍රං වර්ණයෙන් යුත් වස්තුව සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මකව මේ වන විට හඳුනාගෙන ඇති කරුණු අනුව එය වඳවී ගිය විශේෂයකට අයත් එකක් ද නැතහොත් හඳුනාගෙන නොමැති නව විශේෂයකට අයත් එකක් ද යන්න නිවැරදිව කිව නොහැකි බවයි.

ඒ අනුව එම අත්භූත වස්තුව නිවැරදිව හඳුනාගැනීම සඳහා නවීන පහසුකම් ඇති රසායනාගාරයක විශේෂ පර්යේෂණයක් සිදුකළ යුතු බව එම විද්‍යාඥයින් විසින් පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *