G20 සමුළුවේ දී ලෝක නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්..

G20 සමුළුවේ දී ලෝක නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක්

G20 සමුළුවේ දී ලෝක නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක්

ඉන්දියාවේ දී ආරම්භ වූ ජී20 සමුළුවේ දී ලෝක නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිල වශයෙන් සම්මත කර තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලි අගනුවරදී ඊයේ ආරම්භ වූ ජී20 සමුළුවේ දෙවන හා අවසන් දිනය අදයි. කෙසේ වුවද ලෝක නායකයින් සම්මත කළ ඒකාබද්ද ප්‍රකාශය සම්බන්ධයෙන් යුක්රේනය තම කනස්සල්ල පළ කර තිබෙන බව වාර්තා වන අතර එයට හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ රුසියා යුද මෙහෙයුම් විවේචනය නොකිරීම හා රුසියාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් එහි සදහන් නොවීමයි. මෙවර සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පින්ග් හා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගි වූයේ නැහැ. ජී 20 සමුළුව දකුණු ආසියාවේදී පැවැත්වුණේ ද පළමු වරටයි.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන රටවල රාජ්‍ය නායකයන් සමුළුවට එක්වුණු අතර දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිදු රටවල ණය ප්‍රතිව්‍යූගත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී අවදානය යොමුකෙරුණා. සමුළුව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව, භාරත් යනුවෙන් හදුන්වාදීම දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

ලබන වසරේ සමුළුව පැවැත්වීමට නියමිත බ්‍රසීලය වෙත සභාපතිත්වය පිරිනැමීම ද එහිදි (10) සිදුකෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *