මෝදි ඉන්දියාව ‘භාරත්’ යනුවෙන් හඳුන්වමින් G20 සමුළුව ආරම්භ කරයි

මෝදි ඉන්දියාව ‘භාරත්’ යනුවෙන් හඳුන්වමින් G20 සමුළුව ආරම්භ කරයි

මෝදි ඉන්දියාව ‘භාරත්’ යනුවෙන් හඳුන්වමින් G20 සමුළුව ආරම්භ කරයි

අප්‍රිකානු සංගමයට G20 සමඟ එක්වන ලෙසට නිල වශයෙන් ආරාධනා කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් අප්‍රිකානු සංගමයේ සභාපතිවරයාට G20 සමුළුවට වෙනුවෙන් අරාධනා කර ඇති බැවින් ඔහුට එම සමුළුවේ වෙනමම ආසනයක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

මෙම සමුළුවට එක්වීම සඳහා ලොව ධනවත්ම රටවල නායකයන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට රැස්ව සිටිනවා.
සමුළුව ආරම්භ කරමින් නරේන්ද්‍ර මෝදි “භාරත්” යනුවෙන් ඉන්දියාව හදුන්වාදීම එහිදි කැපි පෙනුණා. එය ඉන්දියාව හඳුන්වනු ලැබු පැරණි සංස්කෘත වචනයක් වේ.

සමුළුවේ රාත්‍රි භෝජන සංග්‍රහයට එක්වන ලෙසට යොමු කළ ආරාධනා පත්‍රවලද සඳහන් කර ඇත්තේ භාරත් ජනාධිපතිවරයාගේ ඇරයුම යනුවෙනුයි.

G20 නියෝජිතයින් රුසියා යුක්‍රේන ගැටුම් සම්බන්ධයෙන්ද සම්මුතියකට එළඹීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *