මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 1,037 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මොරොක්කෝවට සහාය දීම සදහා රටවල් රැසක්ම සූදානමින් පසුවනවා.

භූ කම්පනයෙන් පුද්ගලයන් 1200 දෙනෙකු තුවාල ලබා තිබෙන අතට බරපතල තත්ත්වයේ පසුවු 700 දෙනෙකු රෝහල්ගත කෙරුණා. මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ මෙම භූ කම්පනය රිච්ටර් පරිමාණ ප්‍රමාණය ලෙස වාර්තා වුණේ ඒකක 6.8ක් ලෙසටයි. ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5ක ගැඹුරින් භූ කම්පනය සිදු වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ. එරට වේලාවෙන් (08) රාත්‍රි 11.11ට ඇති වූ මෙම භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන දහස් ගණනක් ඇති වි තිබෙන බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම තවත් භූ කම්පන සිදුවිය හැකි බවට අනතුරු ඇගවීම්ද නිකුත් කර ඇති බැවින් ප්‍රදේශවාසින් තම නිවෙස්වලින් පිටත රැදී සිටීමට කටයුතු කර තිබෙනවා. තුවාල ලැබූ අයට ලේ දීම සදහා බොහෝ පිරිසක් පෙල ගැසී සිටින අතර විදුලිබලය හා අන්තර්ජාල සබඳතා බිදවැටීම හෙතුවෙන් සහන සේවා කටයුතුවලට බාධාවක් වී තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වුවද මොරොක්කෝවේ ආපදාවට ලක් වූවන්ට පිහිටවීමට සදහා රටවල් රැසක්ම ඉදිරිපත්ව තිබෙනවා. තුර්කිය සදහන් කරන්නේ මොරොක්කෝවන් පිළිතුරක් ලැබුණු සැනින් සහන සේවා කටයුතුවලට එක්වීමට 265 දෙනෙකුගේ කණ්ඩායමක් සූදානමින් තබා ඇති බවයි. එමෙන්ම කුඩාරම් දහසක්ද ඒ වෙනුවෙන් වෙන්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *