චැනල් 4 හෙළිදරව්ව ගැන සෙවීමට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

චැනල් 4 හෙළිදරව්ව ගැන සෙවීමට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

චැනල් 4 හෙළිදරව්ව ගැන සෙවීමට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මඟින් විකාශනය කරණ ලද වැඩසටහන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. එම කමිටුවට පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනකු පත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගත් මෙම තීරණය අනුව කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත පවරා තිබේ.

ඊට අමතරව චැනල් 4 ⁣හෙළිදරව්ව පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටද ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක වන ප්‍රසන්න රණතුංග වෙත පවරා තිබේ. ඕනෑම් පුද්ගලයකුට තමන් සතු සාක්ෂි හා තොරතුරු මෙම කමිටුවට හෝ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට හැකියාව උදාවනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *