මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමට හා පවතින නීති ශක්තිමත් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කමිටුව පත් කර ඇති අතර එයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන හා ජනාධිපති කාර්යාලයේ ශිරන්ත හේරත් අයත් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික වෙමින් මෙලෙස කළු සල්ලි හුවමාරුවීම හා ත්‍රස්තාවාදීන්ට මුදල් යැවීම වැළැක්වීම උදෙසා කටයුතු සම්පාදනය කළ අතර ඒ වෙනුවෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකායක් (financial action task force) පිහිටුවන ලදී. එහි ශාඛාවක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේද ක්‍රියාත්මක වන අතර එය මූල්‍ය බුද්ධි ඒකකය ලෙස හඳුන්වනු ලබයි.

වසර හතරකට වරක් මෙම කටයුතුවල ප්‍රගතිය ඉහත කාර්ය සාධක බළකාය මඟින් එම රටවලට ගොස් සොයා බලන අතර ශ්‍රී ලංකාවටද 2019 සිට මෙයට අදාළව මූල්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රාශියක් කිරීමට සිදුව තිබේ.

මේ වන විට රටේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම් මෙන්ම ක්‍රිප්ටෝ කරන්සි වැනි කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් හා තද නීති නොමැතිවීම නිසා ගැටලුකාරි තත්ත්වයක්ද නිර්මාණය වී තිබිණි.

ජාත්‍යන්තර කාර්ය සාධක බළකාය ඉදිරි වසර දෙක ඇතුළත මෙරටට පැමිණ මේ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බැවින් ඉහත කමිටුව පිහිටුවීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

එම ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම මෙම සතියේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසිය, නිතීපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම යන ආයතන 7 සහ ඊට අදාළව ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධිකරණය කරමින් මෙම කමිටුව මඟින් නීති ශක්තිමත් කරනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *