කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ ආයුර්වේද පනත සම්මත වෙයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී (5)ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය ලබාදීම, බොරැල්ල ආයුර්වේද රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධනය කිරීම, ආයුර්වේද දෙපාර්තමේන්තුව වඩා කාරයක්ෂම කිරීම, ආයුර්වේද කොමසාරිස් තනතුර ආයතන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස උසස් කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසීමද මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *