ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීම වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීම වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීම වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ’ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් (31) මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ වුණා.

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේද පූරණ සහාය ඇතිව වාර්ෂික මහ බැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද, ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

රට පුරා ස්ථාපිත කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළම දක්ෂතා දක්වන සමාජය අයත් පාසලට ත්‍යාග පිරිනමන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

එම සමාජයේ සිසුන් දස දෙනෙකුට සහ ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *