රාජසන්තක කරන ලද භාණ්ඩ තොගයක් විනාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

බුද්ධිමය දේපල පනතට හා රේගු ආඥා පනතට පටහැනිව ආනයනය කිරීමේදී අත් අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩ තොගයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව පසුගියදා කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දක්වා ඇති අදහස් සැලකිල්ලට ගෙන, එම සිදිධියේ සත්‍ය තත්ත්වය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලෝක වෙළඳ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරුනු “වෙළඳාමට අදාල බුද්ධිමය දේපල අයිතීන්” (Trade Related Intellectual Property Rights – TRIPS) පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ලෝක ප්‍රජාව බුද්ධිමය දේපල ආරක්ශා කිරීම සඳහා ගිවිසුම් ගත වන අතර ශ්‍රී ලංකාව එහි පාර්ශවකරුවෙකු ලෙස අත්සන් තබා තිබෙනවා.

එම සම්මුතිය ශ්‍රී ලංකාව තුල නීතිගත කර ඇත්තේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත මගින්.

එමෙන්ම එම පනතේ ආනයන හා අපනයන භාණ්ඩ වලට අදාල ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම රේගු ආඥා පනතේ 125 A වගන්තිය යටතේ ශ්‍රී ලංකා රේගුවට පැවරී ඇති බව සඳහන්.

ඉහත දැක්වෙන නීතිරීති වලට අනුව බුද්ධිමය දේපල පනතේ විධිවිධාන උල්ලංඝනය කෙරෙන භාණ්ඩ, එනම් වෙළඳ නාම (trade marks) වංචනික ලෙස භාවිතා කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද අනුකරණ භාණ්ඩ (counterfeit trade mark goods) හෝ ප්‍රකාශන හිමිකම අයිතිකරුගේ අවසරයකින් තොරව නිපදවන භාණ්ඩ (pirated copyright goods) හෝ අනෙකුත් භාණ්ඩ ශ්‍රී ලංකාව තුලට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ ලෙස සැලකිය යුතුයි.

එසේ තහනම් කර ඇති භාණ්ඩ රට තුලට ආනයනය කළහොත් ඒවා අත් අඩංගුවට ගැනීම, රාජසන්තක කිරීම හා ඉන්පසු අපහරණය (disposal) කිරීම ශ්‍රී ලංකා රේගුවට පැවරී ඇති වගකීමයි.

පසුගිය දිනෙක විනාශයට පත් කරන ලද භාණ්ඩද බුද්ධිමය දේපල පනත හා රේගු ආඥා පනතේ අදාල නීති රීති උල්ලංඝනය කරමින් ආනයනය කරන ලද ව්‍යාජ අනුකරණ භාණ්ඩ (counterfeit goods) වන අතර එම නිසා ඒවා රේගුව මගින් අත් අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩ වනවා.

රේගු ආඥා පනතට අනුව එසේ රාජසන්තක කරන ලද භාණ්ඩ අපහරනය කිරීම ක්‍රම දෙකකට සිදුකල හැක.

පළමු ක්‍රමය නම්, එම භාණ්ඩ වෙළඳ ප්‍රවාහයට එක් නොකර වෙළඳ නාම හිමිකරුවන්ගේ අයිතීන්ට අගතියක් නොවන පරිදි අපහරනය කිරීම.

දෙවැනි ක්‍රමය නම් එම භාණ්ඩ විනාශ කිරීමයි.

කෙසේ වෙතත්, ප්‍රශ්නගත භාණ්ඩ වල වෙළඳ නාම හිමිකරුවන් ඔවුන්ගේ ශ්‍රී ලාංකික නියෝජිතයින් හරහා ශ්‍රී ලංකා රේගුවෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ ඒවා විනාශ කර දමන ලෙසයි. එමෙන්ම ඒ සඳහා යන වියදම දැරීමටද ඔවුන් එකඟ වී ඇත.

පවතින නීතිමය තත්වය මත, ප්‍රශ්නගත භාණ්ඩ අපහරනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට ගතහැකිව තිබූ එකම ක්‍රියාමාර්ගය ඒවා විනාශ කිරීම වන අතර, එය බුද්ධිමය දේපල පනතට හා රේගු ආඥා පනතට පූර්ණ වශයෙන් අනූකූල වනවා.

එම නිසා, මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් යෝජනා කර ඇති පරිදි මෙම භාණ්ඩ විකුනා මුදල් ලබාගැනීම, වෙනත් රටකට අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීම හෝ පරිත්‍යාග කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ශ්‍රී ලංකා රේගුව අවධාරණය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *