ඉන්දියාව ‘චන්ද්‍රයන් 3’ සාර්ථකව සඳට ගොඩබස්වයි

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට සාර්ථකව සඳට ගොඩබස්වා ඇත. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.

ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය. යානය සඳට ගොඩබෑවේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට පතිත කළ ‘වික්‍රම්’ යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *