දීමනා ලබාදීම ගැන විශේෂ නිවේදනයක්

0
දීමනා ලබාදීම ගැන විශේෂ නිවේදනයක්

දීමනා ලබාදීම ගැන විශේෂ නිවේදනයක්

වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසයි.

පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com